
(ජේ.ඒ.එල්. ජයසිංහ)
69 ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ ඡන්දයෙන් පත් කළ රජයකට ජනතාවගේ අපේක්ෂාවක් ඉටු කිරීමට නොහැකිව රජයට රට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී රට විශාල අගාධයකට අද වැටී ඇතැයි හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර පැවැති මැයි රැළියට සහභාගී වෙම්න් ඒ මහතා එසේ පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කිසිවකුට බැහැ මේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න ඔය කෑ ගහන රතු මහත්වරුන්ටත් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්න අවශ්‍යමයි. වංචාව දූෂණ නාස්තිය පිටු දකින වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙනවා. විදේශ ණය ගෙන ඒවා යටිමඩි ගහල පවුල්වාදය පෝෂණය කරන්න ඉඩ දෙන්නේ නෑ.



