‘‘අපි දිනුවේ ඔබේ උදව්ව නිසයි ‘‘


නොවැම්බර් 15 සිට 17 වනදා දක්වා කොළඹදී පැවැත්වීමටනියමිත පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා රාජ්‍ය නායකයින් 54 දෙනෙකු සහභාගී වන බවත් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, විදේශ අමාත්‍යවිලියම් හේග් සහ මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන්ද ඒ අතරටඇතුලත්වීම ශ්‍රී ලංකාව ලද වැදගත් ජයග්‍රහණයක් බවත් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා පැවසීය. 

ඒ මහතා එලෙස කීවේ මහකොමසාරිස් කාර්යාලයේ පසුගිය සෙනසුරාදා පැවති වෙසක් පිංකම සඳහා සහභාගීවූ මහා සංඝරත්නය සහ අනෙකුත් පිරිස වෙත සිය කෘතඥතාවය පළකර සිටි අවස්ථාවේදීය.

ලන්ඩන් නුවර සිට එම රාජ්‍යනායක හමුව කඩාකප්පල් කිරීමට ශ්‍රී ලංකා විරෝධී පිරිසක් ගන්නාලද බලවත් උත්සාහය ව්‍යර්ථ කිරීමසඳහා හැකියාව ලැබුනේ ඒ සඳහා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන උස් පහත් භේදයක් නොමැතිව සම්පුර්ණ කාර්ය මණ්ඩලයෙන්ද ශ්‍රීලංකාවෙහි දියුණුව කෙරෙහි ඇල්මක් දක්වන සියලුම දෙනාගෙන්ද විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හිවැඩ වසන මහා සංඝයාවහන්සේගෙන්ද අනෙකුත් සියලුම ශ්‍රී ලාංකික පුජකවරයන්ගෙන්ද තමන්ට ලැබුන සහයෝගය සහ ගුරු හරුකම් නිසා බවද ඒ මහතා කියා සිටියේය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ වාර්ෂික වෙසක් දානමය පිංකම මෙම මස 18 වෙනි දින ලන්ඩනයේ මහකොමසාරිස් කාර්යාලයේදී පවත්වනු ලැබීය.

මහකොමසාරිස්දොස්තර ක්‍රිස් නොනිස් මහතාගේ ආරාධනාවෙන් ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක  බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරිශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අගගමහා පණ්ඩිත ගලයායේ  පියදස්සි නාහිමි, බර්මින්හැම් මහා විහාරාධිපති  විතාරන්දෙණියේ කස්සප නාහිමි, බර්මින්හැම්ජේතවන විහාරාධිපති  කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමි, තේම්ස් බෞද්ධ විහාරාධිපති  කහතේවෙල චන්ද්‍රජෝති නාහිමි, ලෙච්වර්ත් ධම්මනිකෙතනාධිපති  අකුරල සමිත නාහිමි ඇතුළු එංගලන්තයේ ශ්‍රී ලාංකික විහාරස්ඨාන නියෝජනය කරමින් මහා සංඝයා වහන්සේ විසිනමක් පිංකම සඳහා සහභාගී වුහ.

එංගලන්තය වැනි රටක පිංකමක් සඳහා සංඝයාවහන්සේ එපමණ සංඛ්‍යාවක් සහභාගීවීම විශේෂත්වයකි.

පිංකමආරම්භයේදී අනුශාසනාව පැවැත්වූ  බෝගොඩ සීලවිමල නාහිමියන් පැවසුවේවෙසක් පුන් පොහොය වෙනුවෙන් මහකොමසාරිස් කාර්යාලය මඟින් වාර්ෂිකව පවත්වනුලබන වෙසක් පිංකම මෙවර පැවැත්වෙන දිනයෙහිම ශ්‍රී ලංකාවේ රණවිරු දිනය සැමරීමවිශේෂත්වයක් වන බවය. 

වසරතිස් ගණනක කුරිරු භීෂණයකට මුහුණපාසිටි ශ්‍රී ලාංකික ජනතාව එම මර බියෙන්මුදවාලීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතුකළ ශ්‍රී ලංකා ත්‍රිවිධහමුදාවන්හි, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ලොකු කුඩා සියලුම දෙනාටමත්වසර හතරකට පෙර මෙවන් දිනයක ලබාගත් එම විජයග්‍රහණය සඳහාඅභීත නායකත්වයක් සපයාදුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන සියලුමදෙනාටත්පුන්‍යානුමොදනා කරන බවත් උන්වහන්සේ පැවසුහ. බර්මින්හැම් බෞද්ධ මහාවිහාරාධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමියන් පැවසුවේ ජාත්‍යන්තරය තුල වර්තමානයේ ශ්‍රී ලංකාවට එල්ලවී ඇති විවිධාකාර අභියෝගයන් හමුවේ අප මවුබිමේ ගෞරවය රැකදීම සඳහා මහකොමසාරිස් කාර්යාලයේ සියලුම නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලාංකිකයින්ගේ කෘතඥතාවය පිරිනමන බවය.

සිංහලබෞද්ධ ජනතාව ජාතිවාදීන් ලෙස හැඳින්වීම අසාධාරණ බව පැවසු උන්වහන්සේ ශ්‍රීලංකාවේ විවිධ ආගම් ඇදහීම සඳහා ඉඩප්‍රස්තාව ලබාදී ඇති ආකාරය තුලින්ම ඒ බවපෙනීයන බව පැවසුහ. තමන් වහන්සේගේ විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් ලෙස කටයුතුකරනුයේ යාපනයේ සිට පැමිණි ද්‍රවිඩ පින්වතෙකු බව පෙන්වාදුන් උන්වහන්සේබුදුන් වහන්සේ වදාළ පිරිසිදු ධර්මයේ මුලික හරය අවිහිංසාව සහ සමානාත්මතාවය කෙරෙහි ගරු කිරීම බවද පෙන්වා දුන්නේය.

පිංකමඅවසානයේ ස්තුති කතාව කල මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා පැවසුවේමහකොමසාරිස් තනතුරේ කටයුතු කිරීම ආරම්භකළ දිනයේ සිට තමන්හට විවිධප්‍රශ්නයන්හට මෙන්ම ගුණාත්මක මෙන්ම නරක විවේචනයන්හට මුහුණපෑමටසිදුවූ බවත් ඒ හැම දුෂ්කර අවස්ථාවකම බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකිකසංඝයා වහන්සේගේ ආශිර්වාදයත් ගුරු උපදේශත් තමන්ට ලැබුන බවත්ය. ඒ සඳහා තමන්අතිශයින්ම කෘතඥ වන බවද නෝනිස් මහා තා පැවසුවේය. 

නියෝජ්‍ය  මහා කොමසාරිස් නෙවිල් සිල්වා මහතා ඇතුළු මහකොමසාරිස් කාර්යාල නිලධරයෝද ඊට එක් වුහ.