‘‘අධිවේගයේ ‘මහ අනතුරක්‘ : 55ක් මාතර රෝහලට‘‘


අද (10) මාතර නගරයේ මහා කලබලයකි. සයිරන් නළා හඩවමින් ගිලන් රිය රෝහලට විදුලි වේගයෙන් ඇදී ආහ. මාතර මහ නගර සභා ගිනි නිවන රිය, අධිවේගි මාර්ග පිවිසුමේ බසයක ගින්නක් නීවිමට ගියේද සයිරන් හඩවමිණි.

තුවාල කරුවෝ 55 දෙනෙක් රෝහලට ගෙන එනු ලැබූහ.

රෝහල් අධ්‍යක්ෂ දොස්තර පමල් සුදුසිංහ ඇතුළු රෝහලේ 174 දෙනෙක් වහ වහා තුවාල කරුවන් වාට්ටු වලට යැවූහ.

හදිසි අනතුරකදී තුවාල කරුවන් වහා රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය දැක්වෙන මේ පෙරහුරුව සැබෑ ලෙසම ක්‍රියාත්මක විය. ‘අනතුර‘ සිදුවුයේ   දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර නිල්වලා පිවිසුම අසළදීය.

මාතර ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ මේජර් සමන් බාලසූරිය, ආපදා කළමණාකරන වෛද්‍ය නිලධාරි දොස්තර කේ.ඒ.රවින්ද්‍ර මහත්වරු  යුද හමුදාව , පොලිසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව මේ වැඩසටහන ක්‍රියාත්මක කළහ.

ප්‍රදේශවාසීන් බොහෝ දෙනා සිතුවේ එය ඇත්තම අනතුරක් බවයි.

එය පුහුණුවක් පමණක් බව දැන ගත්තේ සිද්ධිය අවසානයේදීය.

 

SAM_3050 SAM_3052 SAM_3053 SAM_3055 SAM_3056 SAM_3057 SAM_3060 SAM_3064 SAM_3066 SAM_3067

SAM_3104 SAM_3106 SAM_3111 SAM_3115 SAM_3119 SAM_3122 SAM_3128 SAM_3131 SAM_3139 SAM_3142

SAM_3146 SAM_3147 SAM_3150

SAM_3087 SAM_3089 SAM_3090 SAM_3091 SAM_3092 SAM_3094 SAM_3095 SAM_3096 SAM_3097 SAM_3102

ඡායාරූප-ක්‍රිෂාන් ජීවක ජයරුක්