අධිකරණයේ විභාගවන නඩුවල තීන්දු ලබාදීම ප්‍රමාදවීම නීති ප්‍රශ්නයකට එහා ගිය සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ දී කීවේය.
අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් රචනා කළ ‘‘යළි මැවෙන අපරාධයක්“ කෘතිය එළි දැක්වීමේ උත්සවයේ දී ය. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මේ උත්සවයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, නීතිපති යුවන්ජන් විජයතිලක, අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.




