‘‘ පීකොක් මැදුරට මම යන්නේ නෑ“


නාවල පිහිටි පීකොක් මන්දිරයට තමන් පදිංචිය සඳහා නොයන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියයි. එහි හිමිකරු ඒ.එස්.පී.ලියනගේ මහතා තමන්ට එහි පදිංචියට පැමිණෙන ලෙස ආරාධනා කළ ද එහි යාමට බලාපොරොත්තුවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.

‘‘ මට ඒ මන්දිරයේ පදිංචියට එන්න කියා ආරාධනා කළා. ඒත් මම යන්නේ නැහැ. “ හිටපු ජනාධිපති කීය.