පසුගිය රජයෙන් කළ අසාධාරනකම් වත්මන් රජය මගින් නිවැරදි කර ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර දුන් සරත් ෆෝන්සේකා මහතාට සාධාරණය ලැබි තිබෙන බවත් කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබි ඇති අවස්ථාවේ රටේ සංවර්ධනය සදහා ශක්තිය යොදවන්නැයි තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝ පැවසූහ.
ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆෝන්සේකා මහතාමල්වතු මහ විහාරයට පැමිණ ආශිර්වාද ලබා ගැනිමට පැමිණි අවස්ථාවේ උන් වහන්සේ මේ බව පැවැසුහ.
තන්හාව, ඊර්ෂ්‍යාව, බලයට ඇති කෑදරකම, කුහකකම බලය ගිලිහුණු පිරිස් එකතුව හදන්නට යන පක්ෂයේ පිරි ඇති බවත් තමන් එදා නව පක්ෂයක් සැදුවේ දූෂිත ඒකාධිපති පාලනයට විරුද්ධව බවත් මේ ආකාරයෙන් යටිකුට්ටු වැඩ කර කකුලෙන් ඇදිමට නොවන බවත් අමාත්‍යවරයා කීය.


