මුහුණ මුළුමනින්ම වැසෙන හෙල්මට් පැළඳ යතුරු පැදියකින් ආ මිනිහකු හා ගැහැනියක බොඹුවල පාලයංගොඩ පාරේ ගිය පෙරපාසල් ගුරුවරියකගේ පවුම් දෙක හමාරක මාලයක් කඩාගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
බාස් කෙනකු සිටින තැනක් අසන මුවාවෙන් සයිකලයෙන් බැස ආ ගැහැණිය ගුරුවරියට වැලමිටෙන් පහරක් දෙද්දී අනෙක් පිරිමියා මාලයට කඩා ගත් බව පැමිණිල්ලේ සඳහන් වේ.

