‘ෆුල්ෆේස් හෙල්මට් තහනම එපා‘


ෆුල්ෆේස් හෙල්මට් තහනම අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ හිටපු නාගරික හදිසි මරණ පරීක්ෂක නීතිඥ එඩ්වඩ් අහංගම මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය ජෝන් අමරතුංග, පොලිස්පති, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.