‘හොර‘ වීඩියෝව එපා


ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය චැනල් ෆෝර් නාලිකාව වීඩියෝ පටය විකාශය කිරීම නවතන ලෙස ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආර්යසිංහ මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ සභාපති රෙමිගිස් ඇචිලියස් හෙන්සල් මහතාට ලිපියක් යවමින් මෙම ඉල්ලීම කළ බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ යුද සමයේදී සිදුවූ බව කියන සිදුවීම් අලලා විනාඩි 90ක කාලයක් දිවෙන ලෙස සැකසූ ”නෝ ෆයර් සෝන්” වීඩියෝ පටය මාර්තු 01 වැනිදා මානව හිමිකම් සමුළු සැසිවාරයේදී එහි සාමාජිකයින්ට පෙන්වීමට සැලසුම් කර තිබෙන බවත්, එය නිරවද්‍ය බවට තහවුරු නොකළ වැඩසටහනක් හෙයින් එය ප‍්‍රචාරය කිරීමට ඉඩ සැලසීමෙන් ජාත්‍යන්තර නීති උල්ලංඝනය වීමක් වන බවත් අර්යසිංහ මහතා මානම හිමිකම් කවුන්සිල සභාපතිට යැවූ ලිපියෙන් පෙන්වාදී තිබේ.