‘හොරුන්ට දඬුවම් කිරීමට පැමිණි ආණ්ඩුවට දැන් එය කළ නොහැකියි‘


ආණ්ඩුවට ලැබුණු ජන වරමේ උණුසුම යාමටත් පෙර වංචාවක් කළ හොරුන්ට දඬුවම් කිරීමට පැමිණි ආණ්ඩුවට දැන් එය කළ නොහැකිවී ඇතැයි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (24) පැවසීය.
‘මේ සැබෑ ගනුදෙනුව වසන් කරමින් සිටිනවා. වංචනිකයන් සොයාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අදාළ පාඩුව පියවාගැනීම වෙනුවට ඔවුන් ආරක්ෂා කරමින් වංචාව යට ගසමින් බැඳුම්කර ගනුදෙනුව යටගැසීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.‘ යැයි ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.