(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
හොරු එළවන්න ආ මේ ආණ්ඩුවත් අද හොරු රකින බව කලුතර දිස්ත්‍රික් ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
‘වංචා හා දූෂණයට එරෙහි සටනක් අද හොරු අතට පත්වෙලා’ යැයි ද ඔහු පැවසීය.
ජයතිස්ස මහතා මේ බව පැවසුවේ පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවසීය.
‘මහ බැංකු හොරකම නිසා ආණ්ඩුවට අනෙකුත් අයට දඬුවම් දෙන්න බැරිවුණා. වංචා දූෂණ වැළැක්වීමේ ක්‍රියාදාමය අඩපණ වුණේ මේ නිසයි. ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ වංචනිකයන් ඇල්ලීමක් පසුගිය අවුරුදු කිහිපයේදී වුණේ නැහැ. හොරු නිදැල්ලේ ඉන්නේ පනත්වල අඩුපාඩුකම් නිසා නෙවෙයි. තෝරු මෝරුන්ගේ බලපෑම් නිසා අද දූෂණ විමර්ශන අඩපණ වෙනවා.’

