ශ‍්‍රමය සූරාකමින්, අසාධාරණ ලෙස කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණ ඇතිව මෙරට ජනතාව විදේශ රැකියා සඳහා පිටත් කොට, විවිධ කරදරවලට පත් කරන වංචාකාරී විදේශ රැුකියා නියෝජිතායතන වලට එරෙහිව නීතිමය ක‍්‍රියාමර්ග ගැනීමට රජය තීන්දු කර ඇතැයි වැඩබලන විදේශ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17) පැවසීය.
සාමාන්‍ය වැසියන් මුලා නොකරන ලෙසත්, විදේශ රැකියා සඳහා ගොස් ඔවුන් වෙනුවෙන් හිමිවන මුදල් වංචා ලෙස ලබා ගන්නා හා එවැනි දෑ සිදුකරන රැකියා නියෝජිතායතන වලට තමා දැඩි අවවාද කරන බවත් වැඩබලන විදේශ අමාත්‍යවරයා කීවේය.
සෞදි අරාබිය,කටාර්,කුවේට්,එක්සත් අරාබි එමීර් ,ජෝර්දානය ඇතුළු මැදපෙරදිග රටවලදී හා විදේශ රටවල් රැුකියාවන් හි නියුතුව සිටියදී මියගිය හා විවිධ අනතුරු වලට මුහුණපෑ ලාංකික ශ‍්‍රමිකයින් 34 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට රුපියල් පන් කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් ප‍්‍රදානය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් වැඩබලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා එසේ කීය.

