‘හොඳම දේ නැතත් 19 වෙනස් කරනවා‘


ජනමත විචාරණයට ලක් කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති හත ඉවත් කිරීමෙන් පසුව රටට, ජනතාවට , පාර්ලිමේන්තුවට හා අගමැතිවරයාට වග කියන ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් රටට ලබාදීමට රජය කඩිනමින් කටයුතු කරන බව විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේමා මහතා පැවසීය.

ලබන සඳුදාත් අඟහරුවාදාත් (20, 21) එම සංශෝධන ජයග්‍රහණය අනිවාර්යයෙන් ලබා ගන්නා බව ද ඔහු කීවේය.

සීමාරහිත විධායක බලතල සහිත ජනාධිපතිධුරය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම යටතේ බලාපොරොත්තු වූ හොඳම දේ නොලැබුණත්, කළ හැකි හොඳම දේ රටට ලබා දීමට වත්මන් රජය කැපවන බව ඔහු සඳහන් කළේය.