‘හෙළුවැලි පින්තූර ගන්න එපා කිව්වාම ගැහුවා‘


පාසිකුඩාවේ අලුතෙන් විවෘත කළ මාළු මාළු හෝටලයේ දී නියෝජ්‍ය පොලිස්පති පුතාට පහරදුන් බව කියන ඇමැති පුතා පොලිස් ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

පොළොන්නරුව නියෝජනය කරන ඇමැතිවරයකුගේ පුතා ඇතුළු පිරිසක් මාළු මාළු හෝටලයේදී ඇඳුම් ගලවා පින්තූරයක් ගනිද්දී නියෝජ්‍ය පොලිස්පතිගේ පුතා සහ බිරිය පසුබිමේ සිටි හෙයින් නිරුවත් පින්තූර වලට තමන් ද දර්ශනය විය හැකි හෙයින් එසේ නොකරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේ ඔහුට පහර දී ඇතැයි පොලිස් ආරංචි කියයි.