රාජ්‍ය සේවාවේ ස්ථාන මාරු අගෝස්තු මාසයේ කැඳවා සැප්තැම්බර් මාසයේ නියෝග ලබාදී ක‍්‍රියාත්මක කළ යුතු නමුත් 2017 වසරට අදාලව හෙද සේවාවේ ස්ථාන මාරු නියෝග මේ වන තුරුත් ප‍්‍රසිද්ධියට පත් කර නැතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමය කියයි.
හෙද සේවාවේ ස්ථාන මාරු මණ්ඩලය ඉකුත් 30දා රැස්වූ අතර එහි දී 1000 ක පමණක් ස්ථාන මාරු නියෝග ලබා දුන් බවත් එම නියෝග කෙටුම්පත් කර අවසන්ව ඇතත් මේ වන තුරු එම නියෝග ප‍්‍රසිද්ධියට පත් කර නැතැයි රජයේ හෙද නිලධාරින් ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පැවැසීය.
සේවකයින් සඳහා ස්ථාන මාරු වසර ආරම්භයේ දී කි‍්‍රයාත්මක විමට ආයතන සංග‍්‍රහයේ උපදෙස් ලබා දී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රමාදයේ තරම කොතරම්ද යත් පෙබරවාරි මාසය වනතුරුත් ස්ථාන මාරු නියෝග ලබාදී නැතැයි හෙතෙම සඳහන් කළේය.

