‘හුඹස් බියක් එපා‘


ඉදිරි අය වැය යෝජනාවලියෙන් ගෙන ඒමට යෝජිත ‘ජාතික විශ්‍රාම පරිතොෂික අරමුදල‘ ගැන විපක්ෂය අනිසි බියක් මහජනතාව අතර අති කරන බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.

‘අපි මේ ආයතනයට විශේෂ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනවා. අධ්‍යක්ෂ මණ්ඩලය යටත් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. තාම සංකල්පයක් විතරයි. කෙටුම්පත සකස්කර නෑ. මේ අරමුදල සුපරික්ෂා කිරීමේ සම්පූර්ණ වගකීම මහජන ධන භාරයට පැවරෙනවා. ඒ නිසා මේ ගැන කිසිම බයක් වෙන්න ඕනෑ නැහැ. ආණ්ඩු වෙනස් වුණාට, පුද්ගලයන් වෙනස් වුණාට මේ අරමුදලට හානියක් වෙන්නේ නැහැ.‘

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කරුණාරත්න පරණවිතාන සහ මහින්ද සමරසිංහ මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.‘

RDS_4940 RDS_4998 RDS_5016

 

(ජායාරූප හා විඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)