පුද්ගලයකු පැහැර ගත්තැයි මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එල්ලවී ඇති චෝදනා ඔප්පු වුවහොත් එක්සත් ජාතික පෙරමුණ ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා කොළඹ අද (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවක දී පැවසීය.
රටේ ශක්තිමත් ආණ්ඩුවක් ඇති හෙයින් කිසිවකුට ආණ්ඩුවේ වැඩ කටයුතු කඩාකප්පල් කිරිම සඳහා කුමන්ත්‍රණ කළ නොහැකි බවත් ඒ මහතා කීවේය.




