කොළඹ 05, ජාවත්ත පාරේ පිහිටි නිවාසයක බලහත්කාරයෙන් රැඳී සිටියේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇයගේ මවට එරෙහිව ගොනු කළ නඩුවක් මාර්තු මස 29 වැනිදා කැඳවීමට කොළඹ දිසා අධිකරණය අද (06) තීන්දු කළේය .
කොළොන්නාවේ පදිංචිකරුවන් දෙදෙනකු වන රොහාන් වික්‍රම දෙපලගේ සහ රුවන් විජේසේකර නීතිඥ ප්‍රියදර්ශනී වීරසේකර මාර්ගයෙන් ගොනු කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ තමාට අයත් කොළඹ 05 ජාවත්ත පාරේ පිහිටි සමිට් මහල් නිවාසයේ ගොඩනැඟිල්ලක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇති බවයි.
එය තමාට නැවත ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලයි.
පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මොවුන් විසින් තමාට අයත් ගොඩනැඟිල්ලක් ලබා ගත් බවත්, එය නැවත තමාට දෙන ලෙස ඉකුත් පෙබරවාරි මස සිට ඉල්ලීම් කරනු ලැබුවද, එම ඉල්ලීම මෙතෙක් ඉටුනොවුණු බව පැමිණිලිකරුවන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.

