පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම තහනම් කරමින් අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා අද (29) චක්‍රලේඛයක් නිකුත් කළේය.
පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම්, පන්ති කව හා ශුභසාධන සංගම් ආදී විවිධ සමිති සමාගම්වලින් විවිධ කරුණු කියමින් මුදල් අයකිරීම මෙම චක්‍රලේඛය මගින් සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
විදුහල්පතිවරයකුට නිසි පරිදි නිල කුවිතාන්සියක් නිකුත් කර අනුමත පහසුකම් හා සේවා ගාස්තු අය කර ගත හැකි අතර විදුලිබිල, දුරකතන බිල, ආරක්ෂක කටයුතු වැනි අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මුදල් අය කළ යුත්තේ පාසලේ අත්‍යවශ්‍ය වියදම් ඇස්තමේන්තුවේ මදි පාඩුව සිසුන් ගණනින් බෙදා එය අධ්‍යාපන ලේකම්ගෙන් අනුමත කර ගත් පසුවය.
නීත්‍යනුකූල ගාස්තුව ගෙවීමට වුවද දෙමාපියන්ට හා සිසුන්ට අනිවාර්ය කිරීමක් හෝ බල කිරීමක් කළ නොහැකි බව ද , එම ගාස්තු ගෙවීමට අපහසු බව ග්‍රාම නිලධාරී සහතිකය මගින් දෙමාපියන් දැන්වුවහොත් එම මුදලෙන් නිදහස් කළ බව දෙමාපියනට ලිඛිතව දැන්විය යුතු බව ද නව චක්‍රලේඛයේ සඳහන්ය.
2015 වර්ෂය සඳහා කිසියම් කාර්යයකට මුදල් අය කිරීමට මීර පෙර අනුමැතිය ලබා ගෙන ඇත්නම් ඒ සඳහා නැවත අනුමැතිය ගත යුතු බව ද අධ්‍යාපන ලේකම් දන්වා ඇත.
පසුගිය කාලයේ පාසල්වල මුදල් අය කිරීම් දිගින් දිගටම වාර්තා වූ අතර ගුරු සංගම් ඊට එරෙහිව හඬ නැඟුවත් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

