‘හිටපු ජනපති හොඳ කෙනෙක්‘


‘ඇඬුවත් දෙඩුවත් කවුරු පොල් ගැහුවත් ජනපතිත් ආණ්ඩුවත් තව වසර හතරක් යනතුරු වෙනස් කරන්න බෑ. මේ ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කරලා තිබෙනවා. හිටපු ජනපති හොඳ කෙනෙක්. නමුත් ඔහුට නිදහසේ ඉන්න සමහරු ඉඩ දෙන්නේ නෑ‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළොන්නාව රජමහා විහාරයේ පැවැති උත්සවයකදී පැවසුවාය.

එම ප්‍රදේශයේ තෝරාගත් ගැබිණි මව්වරුන් පිරිසකට පෝෂණ ආහාර මලු පරිත්‍යාග කිරීම එහිදී සිදුවිය.