පසුගිය රජය හිටපු ඇමැතියනට දී තිබූ රජයේ වාහන 300 ක් පමණ නැවත දී නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එම වාහන හා ඒවා ළඟ තබාගෙන සිටින හිටපු ඇමැතිවරුන් පිළිබඳව ඉක්මනින් වාර්තාවක් දෙන්නැයි ජනපති සිරිසේන මහතා බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතාට උපදෙස් දී ඇතැයි ඇමැතිවරයා කීය.

