තමා කිසිදා සරත් ෆොන්සේකා මහතා හෝ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හැර නොයන බව ප්‍රවීණ රංගන ශිල්පි ජගත් බෙනරගම කියයි.
ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ කෑස්බෑව ආසන සංවිධායක වශයෙන් දේශපාලනයට පිවිසිම ගැන එසැණ ඇසු ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමින් ඒ මහතා එසේ කීහ.
ප්‍ර - කලාකරුවාට පක්ෂ ආගම් බේද කුලමල බේද නැතිව මුළු රටක් ආදරය කරනවා. නමුත් ඔබ කලාකරුවෙක් වශයෙන් දේශපාලනයට පිවිසිමත් සමග ජනප්‍රියත්වයෙන් පසුපසට යන්න පුලුවන් නේද?
පි - එහෙමයි කියලා රටට වෙලා තියෙන නස්පැත්තියෙන් රට ගොඩ ගන්න නිකන් ඉදලා බැහැ ආර්ථික සාමාජිය සංස්කෘතික වශයෙන් රට අගාදයට ගිහින්. මෙවාට වගකිව යුත්තෝ කවරහුද? ඔවුන් සොයමින් යන්නේ මොනවද? රටේ අහිංසක මිනිස්සු රවටනවා. දැන් රටට අවශ්‍යය රටට ආදරය කරන නිර්භිත නීතීගරුක වෑඩකළ හැකි නායකයෙක්. දෙශපාලනයට ආපු මගේ මිතුරන් මාවත් රැවැටුවා.
කලාකරුවෙක් විදියට මම ඔවුන්ට වේදිකාවට නැගලා උදව් කළා. නමුත් බලයට ආපු ගමන් හෑමදේම අමතක කලා. දෑන් රැවටුනා ඇති මේ රටේ දුක්විදින මිනිස්සු දිහා බලන්න ඕනේ. මට ඕනම් රජයකට පක්ෂව දේශපාලනය කරන්නත් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට එන්නත් තිබුණා. නමුත් කෙලින් කතා කරන කෙලින් වෑඩ කරන සරත් ෆොන්සේකා මට විශ්වාසයි.
ප්‍ර - රට ආර්ථික වශයෙන් අගාදයට වැටිලා කිව්වට ඒ බවක් පෙනෙන්න නෑ නේද? රටක් සංවර්ධනය කරා යන ගමනේදි විදුලිය මාර්ග පද්ධතිය වැනි සාධක අවශ්‍යයයි. අද රටේ ඒ හැම අංශයකම දියුණුවක් තියෙනවා.
ගමින් ගමට විදුලිය ලබා දෙනවා මාර්ග පද්ධතිය අලුත් වෙනවා. වරායවල් ගුවන් තොටුපොළ ඉදිවෙනවා.
ප්‍ර-කිසිම රජයකින් නොකරපු සංවර්ධනයක් වර්තමාන රජයෙන් ඉටු වෙනවා නේද?
පි- ඔය හැම දෙයක්ම මිට අවුරුදු 15 කට උඩදි කරන්න තිබුණු දෙවල්. නමුත් හදන තරමට සාර්ථක ප්‍රතිඵල තියෙනවද? හම්බන්තොට වරායට නැව් එනවද? ඒකට නැවක් ආවොත් පත්තරෙක මුල් පුවත වෙන්නේ ඒ නැව පැමිණීමයි.මත්තල ගුවන්තොටුපොළ ගුවන් යානා කීයක් එනවාද? පොදු රාජ්‍ය මණ්ඩල සැසිවාරයට එන නායකයින් මත්තලින් ගේන්න පුළුවන්නේ. ඇයි මොකද එක කරන්නේ නෑත්තේ?
ප්‍ර -ඔබ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය හරහා දේශපාලනයට පැමිණ පළාත් සභා හෝ පාර්ලිමේන්තුවට ගොස් පැති මාරුවක් නොකරයි කියලා ඔබ වටා ඉන්න මිනිස්සුන්ට විස්වාසයක් තියන්න පුලුවන් වෙයිද? මම මැරුවත් එහෙම කරන්නේ නැහැ. දේශපාලනය ගැන කලකිරුනොත් දේශපාලනයෙන් සමු ගන්නවා. එහෙම නැතිව වාසි තකා පැති මාරු කරන්නේ නැහැ. මට සරත් ෆොන්සේකා මහතාව ගොඩක් විශ්වාසයි. ඔහුත් සමග රටට වැඩදායි ගමනක් යන්න පුළුවන්.