‘හැට්ට්‍රික්’දෙක ලයිසියම් ජයට පාර කපයි


මිනෙත් හීන්කෙන්ද ගේ (13/7) පන්දු අටක් තුල කඩුලූ ත‍්‍රිත්ව දෙකක් ලබාගැනීම  නිසා ජාත්‍යන්තර පාසල් වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ ශාලිකා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 146 කින් කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසල පරාජය කළේය.

මෙහිදී ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මිනෙත් හීන්කෙන්ද කඩුලූ ත‍්‍රිත්ව දෙකක් සමගින් ලකුණු 13 කට කඩුලූ 7 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනුණි.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල කඩුලූ 4 ට 170 (නිහිඳු වල්පොළ 64, ඉල්හම් ඉස්වන් නොදැවී 51, ලෂාවන් ද මෙල් නොදැවී (28)

විචර්ලි ජාත්‍යන්තර පාසල සියලූ දෙනා දැවී 24 (මිනෙත් හීන්කෙන්ද 13/7, නිහිඳු වල්පොළ 11/2)