මෙරටින වකුගඩු රෝගය තුරන් කිරීමට රතන හිමියන් මුල්වූ බවත් ජනතාවට වඩා තමන්ගේ වාසිය ගැන සිතූ ඇමැතිවරුන් සිටි බවත් අස්ගිරි මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියෝ බැහැදැකීමට අද (24 )පැමිණි අමාත්‍ය පී. හැරිසන් මහතාට කීහ.
අංජනම්කරුවන් ජනපති හා අගමැති මෙරට දියුණුව කරා ගෙන යන ගමන වළක්වන්නට සූදානම්වන බවත් අමාත්‍යවරයා නාහිමියන් හමුවේ පැවසීය. එමෙන්ම මෑතදී බොරුවට විශාල සෙනගක් පෙන්වා ජනතාව මුලා කිරීමට උත්සාහ කළද එපමණ සෙනගක් නොසිටි බවත් හවස 5 ට නයෙක් නැටෙව්වත් එම හංදියේ මිනිසුන් 1000 ක් 1500 ක් සිටින බවත් ඔහු එහිදී කීවේය.

