ල්දුම්මුල්ල, කිරිමැටිය නිදන්ගල කන්දේ ගලපිටගල මින් වසර පන්දහසකට පමණ පෙර සිටි මිනිස්සුන්ගේ නිර්මාණයක් බව පෙනේ යැයි කැලණිය විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව කියයි.
මහා ගල් පර්වතයක් මත වූ කුඩා ගල් කිහිපයක් සිරස් අතට පිහිටි මහා ගල අපූරු නිර්මාණයක් බවත්,එය මිනිස් මුහුණක් ලෙස හැඩ ගැන්වීමට අතීත මිනිසා වෑයම් කළ බව පෙනෙන බවත් මහාචාර්ය සෝම දේව පවසයි.
අඩි 30ක් පමණ උස් වූ මෙම ගල් කුට්ටිය හුදකලාව පිහිටියේය.
මුඛය ඇතුළු මුහුණේ අංග ලක්ෂණ ඉස්මතු කිරීමට එදා නිර්මාණකරු උත්සාහ කර ඇතැයි ද, එම පාෂණය ස්වභාවික හේතු මත වෙනස්කම් වලට කල්ව ඇතැයි ද ඔහු කියයි.
උතුරු කදුකරය දෙස බලා සිටින ආකාරයට මෙම ගල තබා ඇත.
මෙම ගල ඇඟිල්ලෙන් සෙලවිය හැකි වුවත් අත ගසා සෙලවිය නොහැකි බව ජනප්‍රවාදයේ එන කතාවකි.
ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වූ දියළුම ද ලංකා ඇල්ල ද මේ ආසන්නයේ පිහිටියේය.