බ්‍රහස්පතින්දා (17) හයිඩ් පිටියේ ඒකාබද්ධ විපක්ෂය මහින්ද රාජපක්ෂ මහතා මුල් කරගනිමින් පැවැත්වූ රැලිය මහජනයා එක්වී කළ ආණ්ඩු විරෝධී රැලියකට වඩා මහින්ද රාජපක්ෂ මහතා අදහන පිරිසකගේ රැස්වීමක් බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර් පෙරේරා පැවසීය.
අද (18) සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා අදහස් දක්වන්නේ හැමවිටම ‘මම, මම විතරයි, මමයි ජයග්‍රහණය කළේ‘ යනුවෙන් බවත් ඒ හේතුව නිසාම ඔහුට විරුද්ධව ජනවාරි 8 වැනිදා ජනතාව පෙළ ගැසුණු බවත් පැවසූ ඔහු කියා සිටියේ ය.
‘මහින්ද රාජපක්ෂ මහතා වන්දනාමාන කරනවානම් ඔහු වටා සිටිනවානම් ඔහුගේ අත පල්ලෙන් වැටෙන යමක් ලබාගෙන ජීවත්වීම මහින්ද පාලන තන්ත්‍රය ලබාදී තිබූ දේ‘ බවද ඔහු කීය.


