ඉන්දිකා රාමනායක
ආවා කල්ලිවල තරුණ දරුවන් මර්දනය කිරීමට යුද හමුදාව භාවිතා කළ හොත් එය ලෝකයට වැරදි පණිවිඩයක් දෙන කරුණක් වන බවත් හමුදා නීතිය රට තුළට ගෙන ඒමට කිසිදු උවමනාවක් නොමැති බවත් රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය අමාත්‍යය රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේය.
ආවා කල්ලි සාමාජිකයන් මර්දනයට හමුදාවට බාරදෙන ලෙසට හමුදාව කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආවා කල්ලි සාමාජිකයන් මර්දනය පොලිසියට කළ හැකි දෙයක් බවත් මෙය කිසි ලෙසකින් උඩු දිවීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
එසේම මත්ද්‍රව්‍ය මැඩලීම් හා පාතාල මර්දන කටයුතු සඳහා හමුදාවේ සහය ඉදිරියේ ලබා ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

