‘හම්බන්තොටදිත් ගල් ගහලා‘


වැඩවර්ජනය අතර තුර ධාවනය වු ලංගම දුර ගමන් සේවා බස් රථ දෙකකට තංගල්ලේදී හා හුංගමදී අද(02) ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

එමෙන්ම ධාවනය වන බස්රථ වලට ආරක්ෂාව සැපයීම සදහා පොලිස් නිලධාරින් යොදවා ඇති බව හම්බන්තොට පොලිසිය පවසයි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව දැඩි අපහසුතාවයකට පත්වී සිටි අතර ත්‍රිවිල් රථ අදාළ රථගාල් තුල දක්නට නොලැබුනත් බොහොමයක් ත්‍රිවිල් රථ කුලී රථ සේවාවේ යෙදුණු බව දක්නට ලැබිණි.