''අපි චීනෙට කර්මාන්ත ශාලා ඉදිකිරීමට ඉඩම් ලබා දෙනවා කියලා දැන් හම්බන්තොට ලොකු උද්ඝෝෂණ සිද්ධ වෙනවා. මම අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා හම්බන්තොට අය මේවාට විරුද්ධ නම් කරුණාකරලා ඒ ඔක්කොම කර්මාන්ත ශාලා ටික අපේ පොළොන්නරුවට ලබා දෙන්න කියලා'' යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘තෙවසරක ඇරඹුම’ නම් සිය දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවය අමතමින් පැවසීය. මෙම උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (8) පැවැත්විණ.
''ආණ්ඩුව පෙරළන්න හීන දකින අයට මම කියන්න කැමතියි ඊළඟ මහ මැතිවරණය තිබෙන තුරු මේ ආණ්ඩුව හොල්ලන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ කියලා'' යැයිද ජනාධිපතිවරයා කීය.







