හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරයක් ඇති කිරීම සම්බන්ධව මෙතෙක් කිසිදු ගිවිසුමක් සකස් කර නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (5) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 50 වැනි සංවත්සරයට එක්වෙමින් පැවසීය.
කර්මාන්තපුරය සම්බන්ධයෙන් ලැබිය යුතු තාක්ෂණ ඇගයීම් වාර්තාව සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ඇගයීම් වාර්තාව මෙතෙක් එළිදක්වා නැතැයි ද කී ජනපති මාතෘ භූමියට එරෙහි කිසිදු ක්‍රියාවක් නොකරන බවත් කීවේය.
‘මේ රටේ ප්‍රධාන සේවකයා ලෙස මා පත්කරගත් ජනතාව මා පිළිබඳ තැබූ විශ්වාසය රකිනවා. හොර ගිවිසුම් කිසිවක් නෑ. සියලු ගිවිසුම් ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා‘ යැයි ද ජනපති එහිදී කීය.




