හම්ප්හෙඩ් නමැති මුහුදු මාළු විශේෂය මැරීම වළක්වන ලෙස ජාතික ජලජ සම්පත් පර්යේෂණායතනය හා සංවර්ධන කාර්යංශය (නාරා) ධීවර අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.
උණවටුන ප්‍රදේශයේ දී එම කුලකයේ මාළු මැරීමේ අවස්ථා වාර්තා වී ඇති බවත් එවැනි මත්ස්‍යයකු මරා එහි ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලවල පළ කර තිබීම හේතුවෙන් ගැටලු මතුවී ඇති බවත් නාරා ආයතනය පෙන්වා දෙයි.
දුර්ලබ මාළු විශේෂයක් ලෙසත් ශීඝ්‍රයෙන් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්ව විශේෂයක් ලෙසත් හම්ප්හෙඩ් මාළුන් ජාතයන්තර පරිසර ආරක්ෂණ එකමුතුව (අයියූසීන්) රතු දත්ත පොතටද ඇතුළත් කර ඇතැයි නාරා ආයතනය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් නීති ඇතුළත් කර එම මසුන් මැරීම නැවැත්වීමට වහා පියවර ගන්නැයි නාරා ආයතනය කියයි.

