‘හදවතින් අප යුද බිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ‘


අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර‘ සුව නිකේතනයට ගිය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීය.

එහි අධ්‍යක්ෂක කර්නල් වජිර කාරියවසම් මහතාද එම අවස්ථාවට එක්විය.

රට වෙනුවෙන් කැප කිරීම් කළ ආබාධිත රණවිරුවන් ඉතා හොඳින් රැක බලා ගත යුතු බවත් අලුත් ආණ්ඩුවක් පැමිණියද එය වෙනස් නොවන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය. තමා රට වටේම ගොස් ඔවුන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීමට බලාපොරොත්තුවන බවද කීවේය.

DSC_3999 DSC_4060 DSC_4100 DSC_4111 DSC_4151 DSC_4156 DSC_4162