‘හත්වලාමෙ වෙච්ච දේට මක් කරන්නද?‘


‘‘ශ්‍රීලංකන් එකෙන් සංගීතයක් තිබ්බා. මමත් සිංදු කියන්න ගියා. ඊට කෑම දුන්නු කේටරිං එකක් ගැන මගෙන් ප්‍රශ්න කළා. මං ඒ ගැන දන්නේ නෑ. ඒ ගැන දන්නේ සංවිධානය කළ අයනේ. මගේ රාජකාරිය ආරාධනාවක් ආ විට ගිහින් සිංදු කියන එකයි. මට කියන්න තියෙන්නේ ‘හත්වලාමෙ වෙච්ච දේට මක්කරන්නද?‘ කියලයි.‘‘ යි ප්‍රවීන ගායන සහ රංගන ශිල්පී බන්දුල විජේවීර මහතා කීවේය.

ඔහු මේ බව කීයේ ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.