සුළු සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ඇප මත සිටින සැකකරුවකු කුරුඳුවත්ත පොලිසියේ සිට ආපසු යද්දී අසල ක්‍රීඩා පිටියක තිදෙනකුගේ මුදල් හා ජංගම දුරකථනයක් සොරකම් කළැයි සැකපිට යළි අත්අඩංගුවට ගෙන ඇත.
ක්‍රීඩාගාරයට ඇතුළුවී සොරකම් කරද්දී එහි සිටි පිරිස් ඔහු අල්ලා පොලිසියට බාරදී ඇත.

