ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ සහ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් සමන්ත වැලිවේරියගේ සමයේදී එම සංස්ථාව තුළ සිදුවූ බව කියන මහජන අරමුදල් හා දේපළ අයථා පරිහරණයට සම්බන්ධ ලියකියැවිලි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එහි වත්මන් අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට නියෝග කළේය.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවකයන් පිරිසක් පොලිස්පතිවරයා හමුවේ එම ආයතනය තුළ සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර තිබූ අතර ඒ අනුව විමර්ශන සිදු වෙයි.
පරීක්ෂණ කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග කළේය.

