‘හකීම් නැතත් දිනන්න පුළුවන්‘ ඇමැති විමල් කියයි


රවුෆ් හකීම් මහතා වර්ෂ 2005 දීත්, 2010 දීත්, 2015 දීත් සිටියේ විරුද්ධ පක්ෂයේ බවත් එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දීත් , 2010 දීත් ජයග්‍රහණය  කළ බවත් 2015 දීත් එලෙසම ජයග්‍රහණය කරන බවත් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හංවැල්ල නගරයේදී පැවති ජන රැලියක් අමතමින් කීවේය.

 “  ෆොන්සේකා රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්න දේශපාලනමය ලෙස අන්ධ සිරිසේන මහත්තයා ඉදිරිපත් වෙලා තියෙනවා.  එදා ෆොන්සේකා මහත්තයා වටා එක්වුණු සම්බන්ධන්ලා, හකීම්ලා අද සිරිසේන මහත්තයා වටා එක්වෙලා ඉන්නේ යහපාලනයක් ගේන්නද? සිරිසේන මහත්තයා පළමු මාධ්‍ය සාකච්ඡාව තියලා කිව්වේ, මහින්ද රාජපක්ෂ රට බෙදන එක බලන් ඉන්න බැරි නිසා ඉවත්වුණා කියලද? රාජ්‍ය ආයතන විකුණන් කනවා බලන් ඉන්න බැරි නිසා ඉවත්වුණා කියලද? රටට අහිතකර ගිවිසුම් අත්සන් කරලා රට විපතට පත් කරපු නිසා ඉවත්වුණා කියලද? නැහැ. සිරිසේන මහත්තයා ආවේ තමන්ගේ පනත නැති වුණා, සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද 80% සිට 60% දක්වා අඩු වුණා ආදී වශයෙන් විවිධ දේ කියමින් අඬා වැලපෙමිනුයි.

මේ හවුලට දුදනෝ සුදනෝ කරන්න යන්නේ පැයයි දෙකයි. ආණ්ඩුවේ ඉන්නකන් දුදනෝ කියන ඕනම කෙනෙක් ඒ වේදිකාවට ගොඩ උනාම සුදනෙක් වෙනවා.  ධීවර අමාත්‍යංශයේ අයවැය විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළේ ධීවර ඇමතිගේ නැව් 15 කින් මාළු හොරකම් කරනවා, මෙහෙම ධීවර ඇමති කෙනෙක් එක්ක වැඩක් කරන්න බැහැ කියලා. නමුත් අද ඒ වේදිකාවට ආවාහම සුදනා.  රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවේ ඉඳිද්දී, අධිකරණයට ගල් ගැහුවා, නීතියට එරෙහි වුණා ආදී වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් විවිධ චෝදනා එල්ලවුණා. නමුත් අද සුදනා කරලා තිබෙනවා.

ජනාධිපතිවරණයක් ළං වෙද්දී වික්‍රමසිංහ මහත්තයා අහසේ කඩන් වැටෙන තරු දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නවා පෙර ආත්මයක බරපතළ අකුසල කර්මයක් කරපු කවුරුහරි මගේ ඔඩොක්කුවට කඩන් වැටෙයිද මේ පාරත් මගේ විපක්ෂ නායකකම බේරගන්න ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න කියලා‘‘

NMD_6656 NMD_6746 NMD_6817 NMD_674622