‘හංසයාට දැමූ ඡන්ද කළගෙඩිහේනට ආ හැටි සොයනු‘


නුවරඑළිය මැතිවරණ කාර්යාලයයේ තුබූ ඡන්ද පත්‍රිකා 430ක් කලගෙඩිහේන මහා විද්‍යාලය අසල වැටී තිබුණේ කෙසේදැයි විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තා කරන ලෙස අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් කේ ඒ ඩී එස් සී පෙරේරා මෙනවිය නිට්ටඹුව පොලීසියට නියෝග කළාය.

2010 ජනාධිපතිවරණයේදී පරාජිත අපේක්ෂක සරත් ෆොන්සේකාගේ හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගැසූ එම ඡන්ද පත්‍රිකා බාර ගැනීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයයේ පිරිසක් පැමිණ සිටින හෙයින් ඔවුනට ඒවා බාර දෙන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

ඡන්ද පත්‍රිකා අධිකරණය බාරයේ තබා ගැනීමට නියම විය.

පොලීසිය අධිකරණයට දැන්වූයේ එම ඡන්ද පත්‍රිකා ලොරියකින් ගෙනයද්දී පාරේ වැටී තුබූ බව සොයා ගත් බවයි.