‘සෞදි අතරමං වූ පිරිස 200‘


සෞදි රාජ්‍යය විසින් ප්‍රකාශයට පත් කැරුණු පොදු සමාකාලයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින පිරිස 200ක් පමණ වෙතියි ජෙඩා නුවර සෞදි තානාපති කාර්යාලයය පැවැසීයැයි විදේශ ලේකම් කරුණාරත්න අමුණුගම මහතා එසැණ සමග පැවැසීය. එහෙත් සෞදි ජනමාධ්‍ය හා  අතරමං වූ පිරිස  කියනුයේ  දහස් ගණනක්  ශ්‍රී ලාංකිකයන් එහි අතරමංව සිටින බවයි. ජෙඩා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලට කඩා වැදුණු පිරිසක් එහි කටයුතුවලට බාධ කළ නිසා ඔවුන් ඉවත් කිරීමට පොලිසිය කැඳවු බව ද විදේශ ලේකම් කියයි. ජෙඩා පාලම යට ශ්‍රී ලාංකියන් 150 දෙනකු පමණ සිටින බවත් ඔහු පවසයි. ‘අතරමංව සිටින අයට කෑම බීමත් ඇතුළු පහසුකම් සලසනවා. ඔවුන් එකවිට ගෙන්වා ගැනීම අමාරුයි. එසේ කිරීම සඳහා සෞදි රජයට දඩ ගෙවිය යුතුයි. දඩ නොගෙවා ඔවුන් ගෙන්වා ගැනීමට සෞදි රජය සමග අප සාකච්ඡා කරනවා‘ යනුවෙන් විදේශ ලේකම්  සඳහන් කෙළේය.