සෞදි අරාබියේ අවතැන් වු හෝ අනවසරික සංක්‍රමිණිකයින් උදෙසා පොදු සමාකාලයක් සෞදි රජය විසින් තවමත් තීරණය කොට නැතැයි රියාද් තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක මුතුමාල මහතා කියයි.
පොදුසමා කාලයක් කුමන හෝ මොහොතක ප්‍රකාශයට පත් කරනු ඇතැයි මීට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුම්වත් කළද තවමත් ඒ පිළිබදව සෞදි රජය පවතින්නේ සාකචිඡා මට්ටමේ බවද ඒ මහතා අවධාරණය කරයි.
කෙසේ වුවද පෙර සුදානමක් ලෙස සහ සංගණනය කිරීමක් ලෙස අවතැන් වු අනවසරික ශ්‍රී ලාංකික ප්‍රජාව තම ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායා රූප දෙකක් සමග ගමන් බල පත්‍රයේ පිටපතක් ඇත්නම් එයද රැගෙන රියාද් තානාපති කාර්යාල හෝ අනෙකුත් කොන්සියුලර් කාර්යාලය වෙත පැමිණ අදාල පෝරමය පුරවා ලියාපදිංචි වන ලෙස දන්වා සිටී.
ඒ සමග රියාද් තානාපති කාර්යාලයෙන් නිකුත් කරන එම පෝරමය හා අනිකුත් ලිපි ලේඛන මුදලට විකීනීමේ කූට ජාවාරමක් රියාද් බාතා නගරයේ ක්‍රියාත්මක වන බවට තානාපති කාර්යාලයට පැමිණිලි ලැබී ඇති බැවින් විවිධ පුද්ගලයින් එවැනි ජාවාම් වලට අසු වී තම මුදල් අපතේ යවා නොගන්නා ලෙස දන්වා සිටින එම නිලධාරියා පැවැසුවේ කිසිවෙකුත් ලංකාවට යැවීම සදහා තනාපති කාර්යාලය විසින් කිසිදු මුදලක් අය නොකරන අතර කිසිදු පුද්ගලයකු තැරැව්කරුවන් ලෙස පත්කර නොමැති බවය.යම් කිසිවකු පොදු සමා කාළය උපයෝගීකර ගනිමින් මුදල් ගැනීමේ කූට උපක්‍රම පිළිබද තොරතුරු දන්නේ නම් 014195267 අංකයට හෝ මුතුමාල මහතා අමතන මෙන් ඉල්ලා සිටී.