‘සෝභිත හිමියන්ගේ අභාවය රටට පාඩුවක්‘ - ආර් සම්බන්ධන්


සමාජ හා ආගමික අංශ දෙකේම ගෞරවයට පාත්‍රවූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය ශ්‍රී ලාංකික ජනතාවට දුක්බර පුවතක් බව විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා කියයි.

‘සෝභිත  හිමියන් ධෛර්යවන්තව ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළා. ඒකාධිපතිත්වය පරාජය කරීමට සටන් කළා. ස්වාධීන පුද්ගලයකු ලෙස සටන් කිරීමට ඒ හිමියනට තිබූ හැකියාව යහපාලනයට අත්‍යවශ්‍ය සාධයකයක් වුණා.

රට අනතුරට පත්වූ අවස්ථාවල දී උන්වහන්සේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා. සියලු පාර්ශ්වයන් වෙනුවෙන් ඒ හිමියන්ගේ තිබූ කැපවීම විශිෂ්ටයි. උන්වහන්සේගේ අභාවය රටට සිදුවූ ඉමහත් පාඩුවක්. අප සියලු දෙනා එකතු වී ඒ හිමියන් වෙනුවෙන් ශෝඛය පළ කළ යුතුයි.‘