සියලූ ආගම් අදහන ජනතාවට ගෞරව කිරීමට අනුබල ලබාදීමටත් , සියලූම ලාංකිකයින්ගේ ජීවිත දියුණු කිරීමටත් ගත් ප්‍රයත්න නිසා මාදුළුවාවේ සෝභිත හිමියෝ ගෞරවයට පාත්‍ර වූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප් මහතා අද(8) පැවසීය.
එසේම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කර ආරක්ෂා කිරීමටත් කැපවූ උන්වහන්සේ අපවත් වීම ගැනද ඇමෙරිකා තානාපතිවරයා සොව පළ කර සිටී.සෝභිත හිමියන්ගේ අපවත්වීම පිළබඳ ශ්‍රී ලාංකික ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා එත්සත් ජනපදය වෙනුවෙන් තමාගේ ශෝකය පළ කර සිටින බවද හෙතෙම කියා සිටියි.

