එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයෙන් පටන් ගෙන පක්ෂයත් රටත් ජනවාර්ගික සමගියත් ආගම් අතර සහජීවනයත් උදෙසා අමිල මෙහෙවරක් සිදු කළ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් වූ ද ජාතික සේවක සංගමයේ සභාපති වරයාවූ ද එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ අභාවය වෙනුවෙන් ප්‍රංශයේ එජාප ශාඛාව සොව පළ කරයි.
පැරිසියේ එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ අජන්ත කල්දේරා හා රොහාන් දයාදර මහත්වරුන් එසැණට පැවසුවේ සොඳුරු මිනිසකු ශ්‍රී ලංකාවට අහිමි වූ බවයි.