තේ කිලෝවේ සෙස් බද්ද රුපියල් දහයේ සිට 22 දක්වා වැඩි කිරීමෙන් ශ්‍රී ලංකා තේ සඳහා ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුම ගිළිහී ගොස් ආර්ථිකය කඩා වැටෙනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කියයි. ගිය ජනවාරි 23 වැනිදා සිට මේ බද්ද වැඩි කැරිණි.
සෙස් බද්දක් පැනවීමේ අරමුණ වනුයේ එම බදු ආදායම එම කර්මාතයේ දියුණුවට යොදා ගැනීම වුවත් තේ කර්මාන්තය සම්බන්ධයෙන් එසේ වී නැතැයි ද, මෙතෙක් රුපියල් කෝටි 400ක් පමණ සෙස් බදු වශයෙන් තේ කර්මාන්තයෙන් අය කර ගන්නා බවත් ඔහු කියයි.
මේ හදිසි තීරණය නිසා තේ අපනයනකරුවන්ට පාඩු විදීමට සිදුවී ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.