‘සෙබළාණනේ ඔබ මැරුණා නොවේ : කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ‘


වර්තමානයේදී නිදහස් නිවහල් ඒකීය ජාතියක් ලෙස ජීවත් වන්නේ උතුම් රණවිරුවන් දිවි පුදා ත්‍රස්තවාදය පරාජය කළ නිසා බැවින් ඔවුන් පිදිය යුත්තන් ලෙස සලකා ගෞරව කළ යුතු යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (20) ශ්‍රී ජයවර්ධනපුර රණවිරු ස්මාරකය අසලදී පැවැති ජාතික රණවිරු දින සැමරුම් උළෙල අමතමින් පැවසීය.

‘රට වෙනුවෙන් දිවි පිදූ රත්තරන් ලංකා පුත්‍රයින් නිවන් දකින්නට පෙර යළිත් එක්වරක් මේ මාතෘ භූමියේ උපදිනු මැන‘ යැයි ජනපති ප්‍රාර්ථනා කළේය.

ත්‍රිවිධ හමුදා ගෞරව, රණ බෙර වාදන හා සංදර්ශන මධ්‍යයේ උළෙල අභිමානවත් ලෙස පැවැත්වුණු අතර අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ඇතුළු මහත්ම මහත්මීහු ද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසූරිය හා ත්‍රිවිධ හමුදාපතිවරුන් ආරක්ෂක අංශ සාමාජිකයන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයෝ පිරිසක්ද සැමරුම් උළෙලට එක්වූහ.

_H1_2947 _H1_2985 _H1_3012 DSC_3015 DSC_3046 DSC_3060 DSC_3102 DSC_3127 DSC_3162 DSC_3227 DSC_3317 DSC_3340 DSC_3357 DSC_3395 DSC_3438 DSC_3466 DSC_3526 DSC_3594

 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක