උතුරු ඉන්දියාවේ තම 79වැනි උපන්දිනය සැමරූ නොබෙල් සාම සම්මාන ලාභී ටිබෙට් දලෙයිලාමා තුමා ශ්‍රී ලාංකිකයන්ගෙන් හා මියන්මාර වැසියන්ගෙන් ඉල්ලා සිටියේ බෞද්ධයන් වශයෙන් තම රටවල වාසය කරන සුළු ජාතික ජන කොටසක් වන මුස්ලිම්වරුන්ට හිංසා නොකරන ලෙසය.
‘ධර්ම ශාලා‘වේ පිහිටි තම විහාරය ඉදිරිපිට පැවත් වෙන මෙම උත්සවයට දහස් ගණන් ජනයා හා විශේෂ ආරාධිතයෝ සහභාගී වූහ. ඒ අතර දලයිලාමා තුමාගේ ළඟම හිතවතෙක්වන හොලිවුඩ් සුපිරි නළු රිචඩ් ගියර් ද විය.

