‘සුල්තාන්ට’ පස්සේ ‘එම්.එස් දෝනි’


2016-10-27-ent-51

අලී අබ්බාස් සෆර්ගේ ‘සුල්තාන්’ චිත්‍රපටයට පසුව මේ වසරේ බොලිවුඩයේ වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය බවට පත් වන්නට නිරාජ් පාණ්ඩේගේ ‘එම්.එස් දෝනි - ද අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්‍රපටය සමත්ව තිබෙනවා. පසුගිය සති අන්තය වනවිට පමණක් මෙම චිත්‍රපටය ලොව වටා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 212කට වැඩි මුදලක් උපයා ගෙන තිබෙනවා.

ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 130කට වඩා වැඩි මුදලක් උපයාගන්නට සමත් වූ මෙම චිත්‍රපටය මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් දෙවැනි චිත්‍රපටය වු ආක්ෂේ කුමාර්ගේ ‘රස්තම්’ චිත්‍රපටය අබිබවා යන්නට සමත් වුණා. කෙසේ වෙතත්, ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘ඒ දිල් හයි මුෂ්කිල්’, ‘ශිවායි’, ‘ඩියර් සින්දගී’, ‘දංගල්’ චිත්‍රපට මෙම ආදායම් උපයා ගැනීම බොහෝ දුරට ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.