ප්‍රවීණ රංග ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පවසති. 1937 කොළඹ නාවල දී සුනිල් එඩ්මන් හෙට්ටිආරච්චි නමින් උපත ලද ඔහු මියයන විට 78 වැනි වියේ පසුවූයේය. වේදිකා නළුවකු ලෙස නාට්‍ය රැසකට දායක වෙමින් සිටි සුනිල් හෙට්ටිආරච්චි රූපවාහිනී නාට්‍ය ආරම්භ වීමත් සමඟ එම ක්ෂේත්‍රයට නැතුවම බැරි අයකු වූයේය.
රූපවාහිනී මුල් වකවානුවේ විකාශය වූ ‘‘ලා හිරු දහසක්“, ‘‘පළිඟු මැණිකේ“, ‘‘මැණික් නදිය ගලා බසී“, “යශෝරාවය“ වැනි නාට්‍ය වලින් ඔහු වඩාත් ජනප්‍රිය වූයේය. ‘‘බෝඩිම“ නම් විකට නාට්‍යයට රංගනයෙන් දායක වූ සුනිල් විකට නළුවකු ලෙස බෙහෙවින් ප්‍රචලිත විය.
ඔහු සිනමාවට පිවිසෙන්නේ 1982 වර්ෂයේ තිරගත කෙරුණු ‘‘කඩවුණු පොරොන්දුව“ නම් චිත්‍රපටයෙනි. විරාගය, කුලගෙය, “මී හරකා“, “මේ මගේ සදයි“ වැනි සම්භාව්‍ය චිත්‍රට වලට ද දායක වූ සුනිල් හෙට්ටිආරච්චි වැඩිපුරම සිය රංගන දායකත්වය සපයා ඇත්තේ හාස්‍ය උපදවන වාණිජ චිත්‍රපටවලටය. ‘‘ද ජංගල් බුක් ටූ“ හා ‘‘මදර් තෙරේසා“ යන බටහිර චිත්‍රටවලට ද දායක විමේ අවස්ථාව සුනිල් හෙට්ටිආරච්චි දායක වූයේය. ගුවන්විදුලි නාට්‍ය සිය ගණනකට ද සුනිල් හෙට්ටිආරච්චි දායකත්වය දි ඇත. ඔහු ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රචලිත වූයේ ‘සුනිල් අයියා‘ නමිනි.
කාලයක සිට රෝගාතුරව සිටි ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ඥාතීන් පවසයි.

