විනිසුරු තීරණයක් පිළිබඳව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් අත්හිටුවූ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ ශ්‍රී දේවානන්ද විදුහල අතර 47 වැනි ‘සුනිල සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ තීරණය ලබාදීම පාසල් ක‍්‍රිකට් සංගමයට යොමු කර තිබේ.
අම්බලන්ගොඩ නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද (17) දෙවැනි දිනට පැවැති මෙම තරගය අවසන් වීමට පැයයි විනාඩි 20 ක පමණ කාලයක් ඉතිරිව තිබියදී දේවානන්ද විදුහල් පිල පන්දු රැකීමට නොපැමිණීම හේතුවෙන් විනිසුරුවෝ තරග අත්හිටුවීමට පියවර ගත්හ.
ධර්මාශෝක විදුහල කඩුලූ 8 ක් අතැතිව ජයග‍්‍රහණයට ලකුණු 87 ක් මෑතින් සිටියදී කඩුලූ රකින්නා උඩ පන්දුවක් රැුක ගත්තේ යැයි ඉල්ලීමක් කළ අතර අනතුරුව දේවානන්ද විදුහල් පිල විනිසුරුට විරෝධය දක්වා හතරේ සීමාව අසළ පැමිණියේය.
දේවානන්ද විදුහල පළමු ඉනිම 104 (මහේෂ් සංජීව 26, රිසිත තීක්‍ෂණ 19, රමේෂ් මෙන්ඩිස් 36/4, යොහාන් ද සිල්වා 29/2, සුදාර දේශාන්ත 16/3) සහ දෙවැනි ඉනිම 195 (දසුන් කාංචන 71, තිලක්‍ෂ දිල්හාන් 29, රිසිත තීක්‍ෂණ 29, යොහාන් ද සිල්වා 61/8, රමේෂ් මෙන්ඩිස් 83/2)
ධර්මාශෝක විදුහල පළමු ඉනිම කඩුලූ 2 ට 144 (තනුර හැළඹගේ නොදැවී 50, චතුර උමයංග 40, අදීෂ සිලංජන 34) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 68 (චතුර උමයංග නොදැවී 39, අදීෂ සිලංජන නොදැවී 21)