‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින්’ යනුවෙන්‘ තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදාණපතිරණ ඔහුගේ ගෝලයින්ට කෑ ගසා කිවු බව තංගල්ල නේචර් රිසෝටි හෝටලයේ දී කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ සාක්කි දෙමින් හෝටලයේ නතර වී සිටි පුද්ගලයෙක් කොළඹ මහාධිකරණය හමුවේ අද සාක්කි දුන්නේය.
කොළඹ සිරි ධම්ම මාවතේ ප්‍රසාද් සමරසිංහ මහතා රෝහිණි වල්ගම විනිසුරුවරිය ඉදිරියේ ප්‍රකාශ කළේ 2011 දෙසැමිබර් 23 සිට 25 දක්වා තම බිරිය හා පුතා සමඟ හෝටලයේ නතර වු බවයි.
කුරාම් ෂෙයික් ඝාතනය කැර ඔහුගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසීමේ සිද්ධියට තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති විදානපතිරණ ඇතුලු හය දෙනෙක් චෝදනා ලැබ සිටිති.
සමරසිංහ මහතා මෙසේද කීවේය
‘කුරාම් ෂෙයික් හා ඔහුගේ පෙම්වතිය හෝටලයේදී මා දැක්කා.දෙසැමිබර් 25 වැනිදා රාත්‍රියේ කවුදෝ තුවක්කුවක් රැගෙන යනු මගේ පුතා දැක තිබෙනවා.
එය ඇත්ත තුවක්කුවක්දැයි පුතා ඇසුවා.ඔහු පිළිතුරක් දුන්නේ නැහැ.
මිනිහකු තුවක්කුවක් රැගෙන යනු මාත් දුටුවා.ඉන් පසු අපි නින්දට ගියා.අලුයම 12.15 ට පමණ හෝටලේ කලබලයක්.අපට ඇහැරුණා.කුණුහරුපත් කියනවා ඇසුණා.
මිටි කළු මිනිහකු නාන තටාකය අසලදී කුරාම්ගේ පෙම්වතියට පහර දෙනු දැක්කා.ඇය ඉන් බේරීමට නාන තටාකයට පැන්නා.ඉන්පසු ඇය බෝතලයක් කඩා ඇයට ඇන්නා.මුනින් අතට වැටි සිටි කුරාම් ළගට ගිය ඇය ඔහු ඔසවාගත්තා.තවත් කළබල දැක්කා.ත්‍රිරෝද රියකටත් පහර දෙනු දැක්කා.සුදු කමිසයක් හා සරමක් ඇද සිටි හිටපු සභාපති ‘සුද්දිව ගනින්’ ‘සුද්දිව ගනින් ’යනුවෙන් ඔහුගේ ගෝලයින්ට කිවා.
මා ඉන්පසු පොලීසියට කට උත්තරත් දුන්නා.

