අසම්මත ජනාධිපතිවරණයේදී සන්ධාන පාලනයට එරෙහිව සන්ධානයෙන්ම විරෝධතා පැන නැගී ඇතිබවත් සමාජ සම්මතයට එරෙහිව ජනපති තෙවරක් ජනපතිවරණයට ඉදිරිපත්වීම වැරදි බවත් දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රී චන්ද ප්‍රියන්ත මහතා ගාල්ල, මාතර, අකුරැස්ස හා හම්බන්තොට එජාප පාක්ෂිකයින් අමතමින් කීය.
‘‘ආණ්ඩුව ගෙදර යවන්න රජයේ සේවකයන්ද අද පෙරමුණ ගෙන සිටිනවා. සීනි බෝල දී ඔවුන් රවටන්න බෑ. යුරෝපයේ කොටි තහනම ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය හවුල් යැයි කියන කථාව හරියට අමු හෙළුවෙන් සිටින එකා ජංගියක් ඇඳ සිටින එකාට හූ කීම වැනි කතාවකි.” මේ කථාවේදී ඔහු කීවේය.
‘‘රට වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමේ මහා කුසල කර්මයට දායකවන ලෙස මම කාගෙනුත් ඉල්ලනවා.”

